Friday, March 21, 2014

ගමනක නිමාව...

මාර්තු මස 18 දින රාත්‍රී 7.45 ට දළදා මාලිගාවට පැමිණ අපි වන්දනා පා ගමන නිමාවට පත් කළා... මේ ගමන නිමාවන තෙක් වාහනයකට අඩියක් වත් නොතැබූ මම මාසයකට පසුව මෙම වන්දනාවෙන් පසුව වාහනයට ගොඩ වූවා... ඒ අධිෂ්ටාන වන්දනාව නිමාවට පත්කරමින්.... හිරම සුතුටු දායක ගමනක්... ඇත්තටම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු පටන්ගෙන දැනට සති තුනක් වෙනවා... විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු නොතිබුණා නම් මම නියත වශයෙන්ම කැලණි විහාරය... අම්පාරේ දීඝවාපිය චෛත්‍ය හා නාගදීඵය ද වන්දනා කරන්නට මේ පාගමනින්ම යනවා... එසේ ගියානම් සොළොස් මස්ථාන පාගමනින් ගොස් වන්දනාකොට සම්පූර්ණ කරන්නට මට පුළුවන් කම ලැබෙනවා... කෙසේ හෝ මතුදිනෙක එම සිද්ධස්ථාන ත්‍රිත්වය ද වන්දනා කරන්නට පා ගමනින් යන අදහසින් සහ සාර්ථක අනාගත වැඩපිලිවළක් ද හිතේ තියාගෙන අත්දැකීම් සම්භාරයක් මෙන්ම උතුම් ආශීර්වාදයන් ද දායාද කොටගෙන මෙසේ වාහනයට නැංගේ සාර්ථක ඉදිරි වැඩපිළිවෙළක් සහ නව ජීවන දෘෂ්ටියක් ද සහිතවය.... මේ උතුම් පිං බිමේ නිවන් දක්නා තෙක් සසර පුරාවට ඉපදේවා...








No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු