Monday, March 3, 2014

මුතියංගණ සෑ රදුන් අභියස අප සිදුකළ අධිෂ්ටාන වන්දනාව...

බුදුරදුන්ගේ තෙවන ලංකාගමනය කැලණියයි... එහිදී සුමන සමන් දිව්‍යරාජයා බුදුහාමුදුරුවන්ට සමන්තු කූටයට ඇරයුම් කළා සේම බදුල්ල නමුණුකුලට අධිපති ඉන්දක නමැති දෙවිදු විසින් තව රාජධානියට වඩින ලෙස බුදුරදුන්ට ඇරයුම් කළා..ඒ අනුව ශ්‍රීපාදයට වඩින බුදුරදුන් එතැන් සිට තිස්සමහාරාමය දීඝවාපිය වැනි ස්ථානවෙත වැඩමකොට ඉන් පසුව අද මුතියංගණය පිහිටි ස්ථානයට 500 රහතන්වහන්සේලා සමග වැඩම කළා. වැඩමකොට එහි පැවති මිදුලෙහි හෙවත් අංගණයෙහි භික්ෂූන් පිරිවරා වැඩසිටියා... තම භවනට බුදුන්ගේ වැඩමවීමෙන් අප්‍රමාණ බුද්ධාලම්භන ප්‍රීතියට පත් ඉන්දක දෙවිදු මතුවට බුදුන් සිහිකොට වන්දනා කරන්න යම් පූජ්‍ය වස්තුවක් ඉල්ලූ විට කේෂ ධාතූන් වහන්සේලා සමග මුත්තක ධාතූන් වහන්සේලාද ලබා දුන්නාත මුත්තක ධාතූන් වහන්සේ යනු බුද්ධ ශරීරයෙන් ගලන දහදිය මුතු කැට වේවායි බුදුන් වහන්සේ අධිෂ්ඨාන කොට එව මුතු කැට ඉන්දක දවිදුට ලබා දී ඇත... ඉන්දක දෙවිදු එම කේෂ හා මුත්තක ධාතූන් තැන්පත්කොට බුදුන් වැඩසිටි අංගණයෙහි දාගැබක් නිර්මාණය කළා... මුත්තක හෙවත් මුතු ධාතූන් තැන්පත් හෙයින් සහ බුදුන් වැඩසිටි අංගණයෙහි නිර්මාණය කළ විහාරය මුතු අංගණ නම් වූ අතර එය මුතියංගණය බවට අද පත්ව ඇති බව මට සොයා දැනගන්න ලැබුණා... එම දාගැබ පසුකලෙක දේවානම්පියතිස්ස රජුවිසින් විශාලකොට නිර්මාණය කරඇති අතර අද අපට මුතියංගණයේ දැකිය හැක්කේ එම දාගැබයි... එසේම ශ්‍රීමහා බෝධියෙන් පැනනැගි දෙතිස් පලරූහ බෝ අංකුරවලින් එක් අංකුරයක් ද මෙහි රෝපණය කර ඇත. එසේම ඉන්දියාවේ ආනන්ද බෝධියෙහි අංකුර දෙකක් රෝපි අතර එම බෝධීන්ද ජීවමානය... එසේම පෙර දවස ලක්දිව අවසන් මහරහතන් වහන්සේ වූ මලියදේව තෙරුන් 60 භික්ෂූන් පිරිවරා අප සේම ලක්දිව පුරා වන්දනා පා ගමනක් වැඩමකොට ඇත.. එහිදී මෙහි වැඩමකොට ඇති අතර වෙහෙරමලුවේ සිට උන් වහන්සේ භික්ෂූන් 60 නමට චජක්ක සූත්‍රෙයන් දම් දේශනා කළ අතර එම ස්ථානයේ එම සිදුවීම සිහිපත් කරනු වස් බෝධියක් රෝපිතය.. එම බෝධිය මලියදේව බෝධිය නම්ව ඇති අතර අදද ජීවමානව වැඩසිටියි.. එකී සියලු බෝධීන් වහන්සේලා හා දාගැබෙහි හා විහාරයෙහ් ඡායාරූප මෙහි ඇත... සැදැහැසිතින් නරඹන්න...මලියදෙව් තෙරිදු අපසේ වන්දනාගමන් ගොස් ගිමන් නිවන්න රාත්‍රිය ගතකරන්න මෙහි වැඩි බව ඇසූ විට සිතට දැනුනේ නිම්හිම් නැති සන්තෝසයකි... මාගේ අධිෂ්ටාන වන්දනා පා ගමනේ මුතියංගණ අධිෂ්ටාන පූජාව ද මෙහි පින්තූර පලව ඇත... ඔබ සැමට මුතියංගණ සෑ රදුන්ගේ ආශීර්වාද ලැබේවා..... තෙරුවන් සරණයි....






















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු