Sunday, March 9, 2014

සෝමාවතී සෑ රදුන් වන්දනා කරන්න මහ වන මැදින් පාගමනින් ගිය හැටි....

අපි ඊයේ උදේ පාන්දර 3 ට පොළොන්නරුවෙන් පිටත් වුණා.. ගම්මාන පරිසරය පසුකරමින් අපි උදේ 9 පමණ වන විට සෝමාවතී රක්ෂිතය මායිමට ආවා.. පොළොන්නරු පොලිස් විශේෂ කාර්යාංශයේ මහත්වරුන් දෙදෙනෙක් මෝටර් සයිකලයකින් පැමිණ අපට මග පෙන්වීම් සිදුකළා..කි මී 13 පමණ වූ වනාන්තර පරිසරය ඉතා ප්‍රවේශමෙන් නිමාකළ යුතු වුණා.. අපි වනාන්තරය මැදින් පා ගමනින් ගමන් ගන්නවා දකින හමුදා නිලධාරීන් සහ සෙසු බොහෝ දෙනා ඉදිරියේ ඇති අවධානම පැහැදිලි කළා... එක් තැනකදි අපව පසුකර ගිය ත්‍රී රෝද රථයක ගමන් කළ යුවළක් මෙවැනි ප්‍රකාශයක් කළා.. අර හාමුදුරුවන්ගේ වාහනය කැඩිලාද කොහෙදෝ.. අපි වීල් එකෙන් හාමුදුරුවන්ව පන්සලට එක්කන් යමු.. යනුවෙනි.. ඔවුන් අප වෙත පැමිණ තොරතුරු විමසුවා... සෝමාවතියට යන් කි මී 40 දුරක් ගමන් කළ යුතු වූ අතර අපේ අදහස වූයේ උදෑසනම සෝමාවතියට ගොස් නැවත සවස පොළොන්නරුව දෙස පැමිණිමයි.. එනිසා ඉක්මනින් අපි ගමන් කළා... අව්ව... රුදුරු වන සතුන් ... පාදයන්හි වේදනාවන් සියලුල අතරින් අපි හිතේ සතුටින් සෝමාවතී පුදබිමට දහවල් 1-30 වන විට පැමිණියා... ඇත්තටම හරිස ලස්සන ගමනක් ඊයේ අපි ගියේ.. බුදුහාමුදුරුවන්ගේ දකුණු දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින ඒ උතුම් පුදබිමට උවසු උවැසියන් බස්රථ... වෑන්.. කාර්වලින් යන විට බියකරු පරිසරය ගෙවමින් බුදුරජාණන් වහන්සේ හා මහරහතන් වහන්සේලා ධර්මප්‍රචාරයේ වැඩි ආකාරය සිහිකරමින් මම ගමන් කළා... සෝමාවතී පුදමිබ වන්දනා කොට නැවිත පැමිණෙන විට පුදුමාකාර හා නැව්ම් අත්දැකීම් අපට ලබන්න පුළුවන් උනා... අද හවස් වෙනකොට ඔබට ඒ ගැන කියන්නම්..
























No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු