Monday, March 17, 2014

අපි රුවන් වැලි සෑ අභියස සිට මහනුවර දළදා මාලිගාව බලා පැමිණෙන අයුරු (24 photos)

රුවන් වැලි මහ සෑය අසල වන්දනාවෙන් පසුව අපි නුවර බලා පිටත් වුණා. දැන් අපි මාතලේ ප්‍රදේශයට ළගා වෙමුන් සිටිනවා... අපි රුවන් වැලි සෑයේ සිට කි මී 140 දුර ගෙවා පා ගමනින් පැය 44 ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී දළදා මාලිගයට පැමිණෙන බලාපොරොත්තුවෙන් තවමත් ගමන්කරමින් සිටිමු... අපේ අධිෂ්ඨානමය වන්දනා පාගමනට අදට දින 30 ක් සම්පූර්ණ වෙනවා... එබැවින් මුලින් සැලසුම් කළ පරිදි නියමිත දින නියමිත වේලාවට මෙම ගමන නිමාකිරීම මාගේ අදහසයි... මම හිතන විදිහට මෑතකාලීනව අනුරාධපුරයේ සිට මහනුවරට.... රුවන්වැලි සෑය් සිට දළදා මාලිගයට පා ගමනින් ඉතාම කෙටි කාලයකින් පැමිණෙන පිරිස අපයි... පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අම්බලම්වල පැයක් දෙකක් නිදා විවේක ගනිමින් එක දිගට මෙසේ අප ගමන් කරන්නේ කෙටි කාලයක් .තුළ මෙම කි මී 140 දුර ගෙවන්නටත්.... දින 30 පූර්ණ වන තැනදී ගමන නිමාකරන්නටත්ය.... ඔබ සැමට තෙරුවන් සරණයි...
























1 comment:

  1. හාමුදුරුවන් ඇතුළු පිරිසට සාර්ථකව ගමන නිමා කිරිමට ශක්තිය ලැබේවා !

    ReplyDelete

ඔබේ අදහස් අගයමු